
ප්‍රදේශ රැසකට වැසි – ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක තද වර්ෂාවක්
අද (15) දිනයේදී මධ්‍යම සහ ඌව පළාත්වලටත් අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බව Department of Meteorology Sri Lanka පවසයි.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් ස්වල්ප වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.
එසේම, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ වන තරමක තද වර්ෂාවක් ද අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති බව ද දැනුම් දී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



