ප්‍රධාන පුවත්

ජනපතිගෙන්, පාසල් සංවර්ධන නිලධාරීන්ට ආරාධනයක්

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී  පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙසට පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස ආරාධනයක් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

 

 

එමෙන්ම පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී  දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කර ඇත.

 

අදහස් දක්වමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් එහිදී පවසා ඇත්තේ, පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button