
ශ්‍රී ලංකා–ෆින්ලන්ත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1954 වර්ෂයේදී ආරම්භ වූ අතර, එම සබඳතා ස්ථාපිත කර ගත් වසර 72ක් සම්පූර්ණ වීම මෙම වර්ෂයේදී සමරනු ලබයි. මෙම දීර්ඝ කාලය තුළ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික සහ පුද්ගල සබඳතා මඟින් දෙරට අතර සබඳතා ක්‍රමයෙන් වර්ධනය වී, වත්මන් අවධියේදී සක්‍රීය හවුල්කාරිත්වයක් බවට පත්ව ඇති බව රජය සඳහන් කරයි.
දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, පාරිසරික, කොන්සියුලර් සහ සංස්කෘතික අංශයන්හි දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත්, කලාපීය හා බහුපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමත් මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.
ඒ අනුව, දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



