ප්‍රධාන පුවත්

කඩුගන්නාව – ගනේතැන්න මාර්ගය එක් මංතීරුවකට සීමා කෙරේ

කඩුගන්නාව – ගනේතැන්න මාර්ගය එක් මංතීරුවකට සීමා කරමින් රථවාහන ධාවනයට අවසර ලබාදීමට තීරණය කර තිබේ.

කඩුගන්නාව – ගනේතැන්න මාර්ගයේ රථවාහන ධාවනයට නව සීමා

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මෙම කොටස ආශ්‍රිතව ගල් පෙරළීමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේය.

අදාළ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සිදුකළ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම, වර්ෂාව පවතින අවස්ථාවලදී රාත්‍රී කාලයේදී මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබීමට ද තීරණය කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඒ අනුව, හැකි සෑම අවස්ථාවකදීම විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button