
රනිල් වික්රමසිංහට එරෙහි නඩුව අද (11) යළි කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතව තිබේ.
රනිල් වික්රමසිංහට එරෙහි නඩුව සඳහ ඉදිරි නීතිමය පියවර අද අධිකරණයට
පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති මෙම නඩුවේ අනෙක් විත්තිකරු වන්නේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාය.
2023 වසරේදී රනිල් වික්රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය සංචාරය වෙනුවෙන් රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මෙම නඩුවට පදනම් වී තිබේ.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර නඩුව ගොනුකර ඇති අතර, විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ඊට අදාළ ලිපිගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නඩුව අද දිනයේ යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබුණි.
ඒ අනුව නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සහ ඉදිරියේදී ගනු ලබන නීතිමය පියවර පිළිබඳව අද අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



