
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපදෙස්
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ එම මෙහෙයුම්වල මූල්‍ය ප්‍රගතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල මෙහෙයුම් හා මූල්‍ය ප්‍රගතිය ඉහළ නැංවීමට විශේෂ අවධානය
ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සහ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී හඳුනාගත් කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ක්‍රියාත්මක වන විදේශීය පෞද්ගලික සාගරික ආරක්ෂක සමාගම්වලට (PMSCs) අයත් අවිආයුධ සහ මෙහෙයුම් උපකරණ ගබඩා කර තබන්නේ මෙම පරිශ්‍රය තුළය.
එම ස්ථානයේ නිරීක්ෂණය කිරීමේදී හඳුනාගත් ගැටලු සහ ඒවාට ලබාදිය යුතු විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත. එමෙන්ම OBST මෙහෙයුම්වල වත්මන් මෙහෙයුම් හා මූල්‍ය ප්‍රගතිය මෙන්ම ඒ හරහා රටට ලැබෙන ආදායම තවදුරටත් වැඩි කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ද සමාලෝචනයට ලක්ව තිබේ.
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වල මෙහෙයුම් අඛණ්ඩව සහ විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අරුණ ජයසේකර මහතා, මෙහෙයුම් හා මූල්‍ය කළමනාකරණය නිසි පරිදි සිදු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.
අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සියලු කටයුතුවල පාරදෘශ්‍යභාවය සහ වගවීම උපරිම මට්ටමින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.



