
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපති කියයිඋ
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අදාළ සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි
අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. එම සංශෝධන ඇතුළත් ලේඛනයක් ද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දී තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය අද යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ. අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන් ද එම විනිසුරු මඩුල්ලට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.



