
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹෙයි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ කිරීමට නියමිතය.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් 26ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම් ගොනු කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වීමට නියමිතය.
මීට පෙර මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පතට යෝජනා කර ඇති සංශෝධන ඇත්නම් ඒවා ලිඛිත දේශන ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී තිබුණි.
ඒ අනුව නීතිඥවරුන් විසින් සිය ලිඛිත දේශන පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණය වෙත භාරදී තිබේ.
එම ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනු කර තිබේ.



