
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි – ජනතාවට විශේෂ දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සමඟ අකුණු සහ තද සුළං අවදානමක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පස්වරු 1.00න් පසුව වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇති විය හැකියි. එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට එවැනි තද වැසි බලපෑ හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇති වීමේ අවදානමක් පවතින බැවින් ඒවායින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇති විය හැකියි. ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද අලුයම් කාලයේ මීදුම බලපෑ හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.



