ප්‍රධාන පුවත්

නවගමුව දේවාලය අසල ගසක් කඩා වැටීමෙන් වාහන රැසකට හානි – තිදෙනෙකුට තුවාල

නවගමුව දේවාලය අසල ගසක් කඩා වැටීමෙන් වාහන රැසකට හානි සිදුව ඇති අතර, අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

නවගමුව දේවාලය අසල ගසක් කඩා වැටීමෙන් වාහන හතරකට වැඩි සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇති අතර තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කෙරේ.

අද (08) සවස ඇති වූ වර්ෂාපතනයත් සමඟ හමාගිය දැඩි සුළඟ හේතුවෙන් නවගමුව පත්තිනි දේවාලය පිටුපස තිබූ විශාල ගසක් මෙලෙස කඩා වැටී ඇති බව වාර්තා වේ.

ගස කඩා වැටීමත් සමඟ එම ස්ථානයේ නවතා තිබූ වාහන කිහිපයකට හානි සිදුව ඇති අතර, වාහන හතරකට වැඩි සංඛ්‍යාවකට දැඩි හානි සිදුව තිබේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button