
ප්‍රධාන පුවත්
මෑන්පවර් සේවක ක්‍රමය අහෝසි කිරීමට නව නීති ගෙන ඒමට රජය සූදානම්
මෑන්පවර් සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
අද (07) කොළඹදී පැවැත්වෙන වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෘජුවම රැකියාවක නිරත වෙමින් තම ශ්‍රමය ආයතනයට ලබාදෙන සේවකයෙකු වෙනුවෙන් අතරමැදියෙකුට මුදල් ගෙවීමේ ක්‍රමවේදය රජය පිළිනොගන්නා බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෑන්පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කරගැනීම සහ ඔවුන්ට හිමි අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා අඛණ්ඩව ගෙනගිය අරගලය තවදුරටත් ශක්තිමත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



