ප්‍රධාන පුවත්

මීපේ කර්මාන්ත ශාලාවේ පිපිරීමක් – තිදෙනෙකු රෝහලට

මීපේ කර්මාන්ත ශාලාවේ පිපිරීමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පාදුක්ක, මීපේ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (30) සිදු වූ මෙම පිපිරීමෙන් සේවකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

මීපේ කර්මාන්ත ශාලාවේ පිපිරීමෙන් නිවසකටත් හානි

තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පිපිරීමේ බලපෑමෙන් ඒ ආසන්නයේ පිහිටි නිවසකට ද දැඩි හානි සිදුව තිබේ.

පොලිසිය පවසන පරිදි, අදාළ කර්මාන්ත ශාලාවේ ලිහිසි තෙල් ගබඩා කිරීම සඳහා ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කර වෙන්දේසියකින් මිලදී ගත් ටැංකියක් භාවිත කිරීමට සූදානම් කර තිබී ඇත.

එම ටැංකිය තුළ තිබූ ඉන්ධන ඉවත් නොකර, ගෑස් භාවිතයෙන් කපා අවශ්‍ය පරිදි සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව මූලික තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

පිපිරීමෙන් පිරිමි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, එහි බලපෑමෙන් අසල නිවසක උළු කැටයක් හිස මතට වැටීම හේතුවෙන් තවත් සේවිකාවක ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button