උණුසුම් පුවත්

මහජන හදිසි අවස්ථා ගැසට් නිවේදනය නැවතත් දීර්ඝ කරයි

රට තුළ ක්‍රියාත්මක කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගය අනුව ජනවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජන ආරක්ෂාව සහ රටේ සාමාන්‍ය ජීවන රටාව ආරක්ෂා කිරීම, එසේම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම යන අරමුණු පෙරදැරි කරගෙන ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 28 වන දින මහජන හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අතර, 2025 අංක 01 දරණ හදිසි අවස්ථා විධිවිධාන සහ බලතල නියෝග සංශෝධනය කිරීම සඳහා ද රජය අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button