උණුසුම් පුවත්

සාපෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සාපෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

 

සාපෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදි පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (27) දිනය දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත්, 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල කලින් සැලසුම් කළ පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල නියමිත පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බැවින් සියලුම අපේක්ෂකයන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

 

පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් හෝ අපැහැදිලි තත්ත්වයක් පවතින්නේ නම්, අදාළ කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් විමසා අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකිය.

 

ක්ෂණික ඇමතුම් අංකය: 1911

 

දුරකථන අංක:

0112784208

0112784537

 

ෆැක්ස් අංකය:

0112784422

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button