
ප්‍රධාන පුවත්
හැටන් බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි
හැටන් බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම බස් රථ දෙකට අලාභහානි සිදුව තිබේ.
හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අද (26) පස්වරු 3.30ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත.
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ නවතා තිබූ පෞද්ගලික බස් රථ දෙකක පිටුපස කොටස මතට මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
පස් කන්ද කඩා වැටීමෙන් බස් රථ දෙකට හානි සිදුව ඇති අතර, සිදුවීමත් සමඟ ඒ ආසන්නයේ නවතා තිබූ අනෙකුත් බස් රථ ඉවත් කිරීමට ද පෞද්ගලික බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුවන් පියවර ගෙන තිබේ.



