
උණුසුම් පුවත්
සියලු පාසල් හෙට වැසෙයි – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්
සියලු පාසල් හෙට වැසෙයි යන තීරණය ගෙන ඇත්තේ දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිනයේදී දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මෙම තීරණය බලපාන්නේ නැත. එම පරීක්ෂණ කලින් සැලසුම් කර තිබූ පරිදිම පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.



