
උණුසුම් පුවත්
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව නවතයි
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් දැනුම් දීම මෙම තීරණයට හේතු වී ඇත.
සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව ප්‍රකාශ කළහ.
ඒ අනුව, අදාළ මැදිහත්වීම පිළිබඳව මහනාහිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැති සත්‍යග්‍රහය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.



