
ප්රධාන පුවත්
හබරාදූවේ බස් රථයක් දුම්රියේ ගැටෙයි – 6කට තුවාල
හබරාදූවේ බස් රථයක් දුම්රියේ ගැටෙයි. එම අනතුරින් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පවසයි.
හබරාදූවේ බස් රථයක් දුම්රියේ ගැටෙයි – තිදෙනෙකුට බරපතළයි
අද (25) දහවල් හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේදී බස් රථය දුම්රියේ ගැටී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ හයදෙනා ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.



