ප්‍රධාන පුවත්

වනඅලි ආරක්ෂාව ශක්තිමත් කිරීමට ත්‍රිවිධ හමුදාව එක් වෙයි

වනඅලි ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ අලි මිනිස් ගැටුම් අවම කිරීම අරමුණු කර ගනිමින් ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

වනඅලි ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් තීරණය කර ඇත්තේ පසුගිය 23 වැනිදා පරිසර අමාත්‍යාංශයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මෙම වැඩපිළිවෙළේ කොටසක් ලෙස ත්‍රිවිධ හමුදාව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අනෙකුත් ආයතන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය හා තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද යෝජනා වී තිබේ.

වනඅලි ඝාතන ඇතුළු වනජීවි අපරාධ වැළැක්වීම, නිරීක්ෂණ කටයුතු පුළුල් කිරීම සහ අදාළ තොරතුරු කඩිනමින් හුවමාරු කර ගැනීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු අතරට අයත් වේ.

එමෙන්ම අලි මිනිස් ගැටුම් බහුලව වාර්තා වන ප්‍රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීමට ද මෙහිදී අවධානය යොමු කර ඇත.

වනඅලි ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීම සහ වනජීවි නිලධාරීන් සමඟ සමීප සහයෝගීතාවක් ගොඩනැගීම ද යෝජිත වැඩපිළිවෙළේ තවත් අරමුණු ලෙස සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button