ප්‍රධාන පුවත්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘතයි

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘතව පවතින බැවින්, කොත්මලාඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස ජලාශභාර ඉංජිනේරුවෝ දැනුම් දෙති.

ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වර්ෂාව ඇදහැලීම හේතුවෙන් මෙලෙස එක් වාන් දොරටුවක් විවෘතව පවතින බව ඔවුහු සඳහන් කරති. පසුගිය 23 වැනිදා එම ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාවත් සමඟ වාන් දොරටුව විවෘත කර තිබේ.

ඉදිරියේදීත් ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලුණහොත් ජලාශයේ අනෙකුත් වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමේ හැකියාව පවතින බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

එබැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචි ජනතාව ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජලාශභාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button