
ක්‍රීඩා
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා–සිම්බාබ්වේ අවසන් පළමු වට තරගය අද 3ට
ICC Men’s T20 World Cup තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කන්ඩායම සහ සිම්බාබ්වේ කන්ඩායම අතර මෙම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 3.00ට ආරම්භ වේ.
මේ වනවිට කණ්ඩායම් දෙකම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇති අතර, අද තරගය කණ්ඩායම් සංයෝජනය සහ ක්‍රීඩකයින්ගේ සූදානම පරීක්ෂා කර බැලීමට වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
ආබාධයට ලක් වූ Matheesha Pathirana වෙනුවට වේග පන්දු යවන Dilshan Madushanka කණ්ඩායමට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. එසේම, වේග පන්දු යවන Dushmantha Chameera මෙම තරගයේදී විවේක ගැන්වීමට නියමිත බවත් සඳහන් වේ.
සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමගේ පළමු තරගය ලබන 22 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී England cricket team සමඟ පැවැත්වීමට නියමිතය.



