
විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අතර උණුසුම් තත්ත්වයක්
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභා නිලධාරීන් අතර විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ, සත්‍යග්‍රහ භූමියේ සවිකර තිබූ පුවරු ඉවත් කිරීමට නගර සභා නිලධාරීන් උත්සාහ කිරීමත් සමඟය.
එහිදී විහාරමහාදේවි උද්‍යානය භාර නිලධාරීන් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත දැනුම් දී ඇත්තේ අදාළ පුවරු ඉවත් කරගන්නා ලෙස හෝ ඒ වෙනුවෙන් නියමිත මුදල් ගෙවන ලෙසය. එසේ නොකළහොත් එම පුවරු ඉවත් කිරීමට සිදුවන බව ද නිලධාරීන් පවසා තිබේ.
කෙසේ වෙතත්, එම දැනුම්දීමට සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.
අනතුරුව උද්‍යාන භාර නිලධාරීන් එහි සවිකර තිබූ බැනර් ගලවා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එහෙත් එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් විසින් ඒවා යළිත් සවිකර ඇති බව වාර්තා වේ.



