
ප්රධාන පුවත්
රාජ්ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
රාජ්ය ආයතන 34ක් වසා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කර තිබේ.
බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම තීරණයට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, රට තුළ ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීම සඳහා ප්රමාණවත් රුපියල් ප්රමාණයක් පවතින බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.



