
ප්‍රධාන පුවත්
48cc යතුරුපැදි ලියාපදිංචිය අනිවාර්යයි
48cc යතුරුපැදි ලියාපදිංචිය අනිවාර්යයි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.
අද (22) පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ 48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ද ලියාපදිංචි කිරීම අනිවාර්ය බවයි.
මෙවැනි යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් අලෙවිකරුවන් ප්‍රකාශ කරන බවට නිරීක්ෂණය වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
එබැවින් මෙම කාණ්ඩයේ යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි තිබේදැයි තහවුරු කරගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
තවද, ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසුවුවහොත් පොලිසිය විසින් නීතිමය පියවර ගෙන දඩ නියම කිරීමට ඉඩ ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



