
උණුසුම් පුවත්
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (21) විවෘත කළ බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වර්ෂාව ඇදහැලීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
එම ප්‍රදේශවලට තවදුරටත් අධික වර්ෂාපතනයක් ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බව ඉංජිනේරුවෝ සඳහන් කරති.
ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ද ජලාශය භාර ඉංජිනේරුවන් දැනුම් දී තිබේ.



