
කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමි අපවත් වෙති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමි අද (18) උදෑසන අපවත් වී වදාළහ.
කලක සිට රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත් වී තිබේ. අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවූහ.
කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමි ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටු කළ ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමකි.
එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් අවස්ථාවලදී රටේත් බුදුදහමේත් අභිවෘද්ධිය වෙනුවෙන් නිර්භීතව අදහස් ප්‍රකාශ කළ උන්වහන්සේ සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වූහ.
අපවත් වී වදාළ අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳව ආදාහන කමිටුව විසින් ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.



