
ප්‍රධාන පුවත්
සත්‍යග්‍රහය අතරතුර බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කෙරේ
බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කෙරේ උන්වහන්සේ මෙලෙස රෝහලට ඇතුලු කිරීම සිදුකර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට එක්ව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, එහිදී ඇති වූ නොසන්සුන්තාවෙන් පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, සත්‍යග්‍රහයේ නිරත පිරිස් විසින් සුවසැරිය ගිලන් රථයක් කැඳවා කස්සප හිමියන් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.



