
ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් සහ ජානකී 23 දක්වා රිමාන්ඩ්
ක්‍රිෂ් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජානකී සිරිවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාට අදාළ ඇප නියෝගය මෙතෙක් සූදානම් කර නොමැති බැවින් එය මීළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දැනුම් දී තිබේ.
ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



