ප්‍රධාන පුවත්

අගමැතිනි හරිනි හා පාකිස්තාන මහ කොමසාරිස් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ.

මෙම හමුවේදී, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් අනතුරුව පාකිස්තාන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහාය සම්බන්ධයෙන් අගමැතිනිය සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අරමුණු මත ගොඩනැගී ඇති බව දෙපාර්ශ්වය මෙහිදී අවධාරණය කර තිබේ.

අධ්‍යාපන, සංචාරක හා ක්‍රීඩා ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද යළි තහවුරු කර ඇත.

එමෙන්ම ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම හා නව සහයෝගීතා අවස්ථා නිර්මාණය කිරීමද මෙම හමුවේ ප්‍රධාන අවධානයට ලක්ව තිබේ.

මෙම අවස්ථාවට පාකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button