
උණුසුම් පුවත්
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් අධිකරණයට
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.



