ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ නිදහස ගැන ජනපති ලේකම් සමඟ සාකච්ඡාවක්

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස ඉල්ලා පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇත.

එහිදී මහ සංඝරත්නය ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් බව කියන ජනාධිපති සමාවට අදාළ තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසයි.

එම කටයුතු අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව ද පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස භික්ෂූන් වහන්සේලා එහිදී ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button