
බැසිල් රාජපක්ෂට රතු නිවේදනයක් ?
බැසිල් රාජපක්ෂට රතු නිවේදනයක් ලබාගැනීමට අධිකරණ නියෝගයක්
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.
එමෙන්ම, බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.
2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ලබා දී තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එහි ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා නොගෙන, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



