
ප්‍රජා ශක්ති වැඩසටහනට නව ඩිජිටල් දත්ත පද්ධතියක්
ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති වැඩසටහනට නව ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වී ඇත.
මෙම සාකච්ඡාවට ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම අදාළ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන කාර්යාංශයේ සහ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.
ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගැනීමට අදාළ දත්ත තනි ඩිජිටල් වේදිකාවක් යටතේ ඒකාබද්ධ කිරීමේ හැකියාව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මෙම දත්ත පද්ධතිය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ. යෝජිත පද්ධතිය ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කර ඇත.



