
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි නිදහස ඉල්ලා පාගමන අද පස්වැනි දිනටත්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ ඥානසාර හිමි නිදහස ඉල්ලා පාගමන අද (14) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ අද නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර කඩවත නගරය දක්වා ගමන් කිරීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේය.
මෙම පාගමන පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි. එහි පළමු දිනයේදී පාගමන කඩුගන්නාව දක්වා ගමන් කර තිබූ අතර, දෙවැනි දිනයේදී කඩුගන්නාවේ සිට කෑගල්ල දක්වා ගමන් කර තිබේ.
තෙවැනි දිනයේදී කෑගල්ල නගරයෙන් ආරම්භ වූ පාගමන වරකාපොළ නගරය දක්වා පැමිණි බව වාර්තා වේ.
මෙම පාගමන හෙට (15) දිනයේදී කොළඹට ළඟාවීමට නියමිතය.



