කාලගුණය

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 2.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං හමන අවස්ථා ඇතිවිය හැකි බව දැනුම්දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබාදී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button