උණුසුම් පුවත්

ජොන්ස්ටන් ඇතුළු සැකකරුවන් පස්දෙනා යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (30) නියෝග කර තිබේ.

එම සැකකරුවන්ට එරෙහි නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති අතර, එළැඹෙන 13 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාළව මෙම සැකකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button