
ක්‍රීඩා
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ කුසල් මෙන්ඩිස් පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබීමයි.
නම් කළ සංචිතයට නවක ක්‍රීඩක අංජල බණ්ඩාර ද ඇතුළත් කර ඇති අතර, පැතුම් නිස්සංකගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය කිරීමට නියමිතය.
නොවැම්බර් 9 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම ටෙස්ට් තරගාවලියේ තරග රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවලදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
- පැතුම් නිස්සංක
- පසිඳු සූරියබණ්ඩාර
- දිනේෂ් චන්දිමාල්
- කමිඳු මෙන්ඩිස්
- සොනාල් දිනූෂ
- කුසල් මෙන්ඩිස් (නායක)
- ධනංජය ද සිල්වා
- අංජල බණ්ඩාර
- කේෂර නුවන්ත
- ප්‍රභාත් ජයසූරිය
- මිලාන් රත්නායක
- ලහිරු කුමාර
- අසිත ප්‍රනාන්දු
- දිල්ෂාන් මධුශංක
- එෂාන් මාලිංග



