උණුසුම් පුවත්

මුහුදු ප්‍රදේශ රළු වීම ගැන අවවාදාත්මක නිවේදනයක්

මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (12) පස්වරු 5ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (13) පෙරවරු 1 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. එවැනි අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං හමා යා හැකි අතර, එම හේතුවෙන් මුහුද තාවකාලිකව ඉතා රළු වීමට ඉඩ තිබේ.

එබැවින්, අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button