ප්‍රධාන පුවත්

මාස 9ක විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 6,865 ඉක්මවයි

මාස නවයක විදෙස් ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 6,865.4ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු දත්ත අනුව, එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී ලැබුණු විදෙස් ප්‍රේෂණවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 1,053.7ක වැඩිවීමකි.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ විදේශගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර, මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 734.4ක මුදලක් මෙරටට ලැබී තිබේ.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක ප්‍රේෂණ ප්‍රමාණයට වඩා ඉහළ අගයකි.

ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදීද විදෙස් ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බව මහ බැංකු සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button