
නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට රජයේ අවධානය
රට තුළ පවතින ඉන්ධන ගැටලුව හමුවේ පාරිභෝගිකයන්ට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් මුහුණ දෙන ගැටලු හේතුවෙන් වෙළෙඳපොළට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමා වී ඇති බවයි. එම තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය.
“පෞද්ගලික සැපයුම්කරුවන්ගේ විශාල දුක්ගැනවිල්ලක් තිබුණා. ඔවුන්ට මේ පාඩුව දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඔවුන් වෙළෙඳපොලට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමාකරා. නමුත් අපි එක පැත්තකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට තමන් වෙනදාට වඩා වෙළෙඳපොළට සපයන ප්‍රමාණය වැඩි කරලා විශේෂයෙන් 55%ක් තිබුණු එක 80% වෙනකන් වැඩිකරලා ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන පාඩුව ටිකක් දුරට අඩු කරන්න අපි කටයුතු කරා.නමුත් තේරුම්ගන්න පුළුවන් පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලුව අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අර්බුද කාලය සමනය කර ගත්තයින් පස්සේ ඔවුන්ට සාධාරණ ලාභයක් ඇතිව වෙළෙඳ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි. එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. ඒ වගේම ඇතිවන ගැටලුව අවම කර ගැනීම සඳහා සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ඔවුන් පමණයි මෙහෙයුම් කටයුතුවල යෙදෙන්නේ.අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ඇතිකරමින් මේවගේ අර්බුදකාරී ත්ත්වයකදී ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන ගැටලුව අවම කරන්න කටයුතු කරන්න”
පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලු සහ ඉන්ධන බෙදාහැරීමේදී මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ අනුව, ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම තුළින් ඉන්ධන අර්බුදකාරී අවස්ථාවලදී පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු අවම කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.



