
ප්‍රධාන පුවත්
නාගොඩ වෙඩි ප්‍රහාරයක් අවන්හල් හිමිකරු මරුට – බිරිඳටත් තුවාල
නාගොඩ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ අවන්හලක හිමිකරු අද (9) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හල තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ප්‍රහාරයෙන් හිමිකරු මියගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.



