උණුසුම් පුවත්

ඥානසාර හිමිගේ නඩුව පෙබරවාරි 25ට කල් තැබේ

මාස නවයක සිරදඬුවමකට යටත්ව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුකරය පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, සිරදඬුවමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

එම අභියාචනය සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තෙක් සිරදඬුවම ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ නඩුකරය පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button