
ඔක්තෝබර් 13 ශිරන්ති රාජපක්ෂට FCID කැඳවීමක්
ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන්, FCID විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව සඳහන් වේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදෙස්ගතව සිටියාය.
කෙසේ වෙතත්, ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇය යළි දිවයිනට පැමිණ තිබේ.
ගුවන්තොටුපොළෙන් පිටවීමේදී විශේෂ අමුත්තන් සඳහා වෙන්කර ඇති ගෝල්ඩ් රූට් පහසුකම භාවිත කිරීමට ද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කටයුතු කර තිබුණි.
මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබේ.



