ප්‍රධාන පුවත්

සැඟවී සිටින සැකකරුවන් තිදෙනෙකු සොයා පොලිසියෙන් මහජන සහාය පතයි

සැඟවී සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් තිදෙනා පොලිසියට අවශ්‍යව සිටින බව සඳහන් වේ.

පොලිසිය පවසන්නේ අදාළ සැකකරුවන් මේ වනවිට ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බවය.

ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, තොරතුරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත 0718 592 167 යන දුරකථන අංකය ඔස්සේද ලබාදිය හැකි බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය විසින් හඳුනාගෙන ඇති සැකකරුවන් අතර රාජපක්ෂ පතිරණගේ හිමාලි සෙව්වන්දි, රාජපක්ෂ පතිරණගේ තරිඳු ජීවන්ත සහ බද්දේගම පතිරණගේ විරාජ් නිමශ්ක යන තිදෙනා ඇතුළත් වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන් එම තොරතුරු පොලිසිය වෙත ලබාදෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button