
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 6ක් අධිකරණයට
විරෝධතාකරුවන් 6ක් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙනවිත් තිබේ.
ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) සංවිධානය කළ විරෝධතා පාගමනට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනෙකු මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙනවිත් ඇත.
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.
ඊයේ පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටිය ආසන්නයෙන් ආරම්භ වූ පාගමන බොරැල්ල මංසන්ධිය හරහා මරදාන ඔස්සේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ තිබේ.
එහිදී විරෝධතාව පැවැත්වෙමින් තිබියදී අදාළ පුද්ගලයන් හයදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නීතිවිරෝධී ජනතා රැස්වීමක් පැවැත්වීම සහ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා නොගැනීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.



