
ප්රධාන පුවත්
විරෝධතා පාගමනක් නිසා බොරැල්ලේ රථවාහන තදබදයක්
බොරැල්ලේ රථවාහන තදබදය විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට දැඩි වී තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන බොරැල්ල ප්රදේශය හරහා කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.
“ජඩබදු හකුලා ගනිව්, ජීවනබර පහත දමව්” යන තේමාව යටතේ මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
විරෝධතා පාගමන හේතුවෙන් බොරැල්ල සහ ඒ අවට මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන් වේ.



