
ලබන වසරේ බදු ක්‍රමය සරල කිරීමට සැලසුම්
ලබන වසරේ බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ රේගු බද්දට අමතරව අයකරන වෙනත් බදු ක්‍රමානුකූලව ඉවත් කරමින් බදු ක්‍රමය සරල කිරීමට පියවර ගන්නා බවය.
එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්ද සරල බදු ක්‍රම හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ.”
මේ අතර, 2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය ආසන්නයට මේ වනවිටත් ළඟා වී ඇති බවද නිශාන්ත ජයවීර මහතා පැවසීය.
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම රජයේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවත්, වෙනත් රටවල ක්‍රියාත්මක ජාතික තනි කවුළු (National Single Window) ක්‍රමවේදය වැනි පහසුකම් මෙරටටද හඳුන්වාදීමේ ගමනක රජය සිටින බවත් ඔහු සඳහන් කළේය.
එමගින් ජනතාවට, ව්‍යාපාරිකයින්ට සහ වෙළෙඳ ප්‍රජාවට එක් ඩිජිටල් පද්ධතියක් හරහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලබාදීම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2026 වසරේ රේගුවට ලබාදී ඇති ආදායම් ඉලක්කය මේ වනවිට ආසන්න වශයෙන් සපුරාගෙන තිබීම ආදායම් රැස්කිරීමේ යාන්ත්‍රණය විධිමත් වී ඇති බවට සුබ ලකුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



