
ප්‍රධාන පුවත්
බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට
බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට අද (02) උදෑසන පැමිණ තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් සිදුකළ කැඳවීමකට අනුව හිටපු අමාත්‍යවරයා එහි පැමිණ ඇත.
ඒ, 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව සඳහන් වේ.
ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.



