ප්‍රධාන පුවත්

මාස 10කට පසු උඩරට දුම්රිය ධාවනය යළි ඇරඹේ

උඩරට දුම්රිය ධාවනය අද (02) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.

‘දිත්වා’ සුළි කුණාටුවෙන් පසු ඇති වූ බලපෑම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ අතර, මාස 10කට පමණ පසු මෙලෙස එම මාර්ගයේ සේවය යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button