
තහනම් පිරමීඩ සමාගම් 25ක් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්
තහනම් පිරමීඩ යෝජනා ක්රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව නව නිවේදනයක් නිකුත් කර තිබේ.
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදු කළ විමර්ශනයකින් අනතුරුව Infinity Rover (Pvt) Ltd සමාගම තහනම් පිරමීඩ යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම, පවත්වාගෙන යාම සහ ප්රවර්ධනය කිරීම සිදුකර ඇති බවට මහ බැංකුව නිර්ණය කර ඇත.
එමෙන්ම එම නීති ප්රතිපාදන යටතේ තවත් ආයතන හා යෙදවුම් (Apps) රැසක් ද තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගෙන ඇති බව මහ බැංකුව පවසයි.
ඒ අනුව Tiens Lanka Health Care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Mark-Wo International (Pvt) Ltd, VML International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, Fast3Cycle International (Pvt) Ltd, Sport Chain App, OnmaxDT, MTFE App හා ඊට අදාළ කණ්ඩායම්, Fastwin (Pvt) Ltd, Fruugo Online App, Ride to Three Freedom (Pvt) Ltd, Qnet/Questnet, Era Miracle (Pvt) Ltd සහ Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Beecoin App සහ Sunbird Foundation, Windex Trading, The Enrich Life (Pvt) Ltd, Smart Win Entrepreneur (Pvt) Ltd, Net Fore International (Pvt) Ltd (Netrrix), Pro Care (Pvt) Ltd, SGO/sgomine.com, I.C.A.N Advertising (Pvt) Ltd හා ඊට අනුබද්ධිත වෙබ් අඩවි මෙන්ම Infinity Rover (Pvt) Ltd යන ආයතන සහ යෙදවුම් ඒ අතරට ඇතුළත් බව නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි පිරමීඩ ආකාරයේ ආයෝජන හෝ ආදායම් යෝජනා ක්රමවලට සම්බන්ධ වීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ද ශ්රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.



